සිංහල අක්‍ෂර වරගීකරණය
සියලුම අක්‍ෂර උත්පත්ති ස්ථාන අනුව වර්ග කළ හැක.උත්පත්ති ස්ථාන අනුව ව්‍යඤ්ජනත් ස්වරත් වරග කළ හැක. කණ්ඨජ - දිවේ මුල උගුර දෙසට ළං වීමෙන් උපදී . තාලුජ - දිවේ මැද තල්ල දෙසට සමීප වීමෙන් උපදී . මූර්ධජ - දිවේ අග මුදුන වෙත සමීප වීමෙන් උපදී . දන්තජ - දිවේ අග උඩු දත් වැටියේ ස්පර්ශ වී උපදී . ඕෂ්ඨජ - යටිතොල හා උඩුතොල ආධාරයෙන් උපදී . * තවද (ව) හා (ෆ) අක්‍ෂර දන්ත ඕෂ්ඨජ ලෙස සලකනු ලැබේ . * ඞ , ඤ , ණ , න , ම යන අක්‍ෂර උච්චාරණයට නාසය උපකාරී වන නිසා නාසික්‍ය අක්‍ෂර ලෙස නම් කෙරේ . * ඟ , ඦ , ඬ , ඳ , ඹ යන අක්‍ෂර උච්චාරණයට අර්ධ වශයෙන් නාසය යොදා ගන්නා නිසා අර්ධානුනාසික්‍ය ලෙස හැඳින්වේ. තවද සියලුම අක්‍ෂර ඝෝෂ හා අඝෝෂ ලෙස වර්ග කළ හැක ( පින්තූරය බලන්න ) සිංහල අක්‍ෂර මාලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි . අ . ස්වර ආ . ව්‍යඤ්ජන ස්වර මෙහිදී ස්වර ලෙස හදුන්වන්නේ වෙනත් ශබ්දයක උපකාරය නොමැතිව තනිව උචිචාරණය කළ හැකි අක්‍ෂරයි . ස්වර 18 ක් සිංහල අක්‍ෂර මාලාවේ දක්නට ලැබේ . අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ ඏ ඏෟ එ ඒ ඓ ඔ ඕ ඖ මේ අතරින් (ඏ) හා (ඏෟ) යන ස්වර නුතනයේ භාවිතයේ ද